රට වෙනුවෙන් හඬ නගන්නට..
==========================================
පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයින්ට මෙවර නාමයෝජනා ලබා දී ඇති බව රනිල්ගේ මාමාට අයත් ලංකාදීප පුවත්පත හෙළි කරයි. http://www.lankadeepa.lk/ index.php/articles/333636
පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයින්නම් කළ යුත්තේ ඔවුන්ව වහාම අත් අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කිරීමය. (දැන් සමහරුන්ට කරුනා පිල්ලෙයාන් කේපී මතක් වෙන නිසා, ඔවුන්ට එරෙහි එකම හෝ චෝදනාවක් තිබුණානම් පසුගිය මාස 6 තුළ යහපාලුවන් නඩු දාන්නේ නැතිව "බම්බු ගැහුවාදැ?" යි අසන්නෙමු)
මෙලෙස කොටි සමාජිකයින්ට නාමයෝජනා ලබා දී ඇත්තේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ අවසරය සහිතවයි.
ජිනීවා ගොස් කොටි සංවිධානයට කඩේ යමින් ශ්‍රී ලංකා යුධ හමුදාවට එරෙහිව සාක්ෂි දුන් සුනන්ද දේශප්‍රියගේ සහෝදරයා වත්මන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය බව බොහෝ අය තවමත් නොදනී.
[[Sunanda Deshapriya, who left Sri Lanka is the brother of Elections Commissioner Mahinda Deshapriya. ]] source: http://www.island.lk/
පහත දැක්වෙන්නේ සුනන්ද දේශප්‍රිය කොටින්ට කඩේ යන ආකාරයයි.
1. https://www.youtube.com/
2. ජිනීවාහිදී රටට එරෙහි වූ සතුරෝ http://www.divaina.com/
3. ...ඊට සමීපව ස්විට්සර්ලන්තයේ සිට ක්‍රියාත්මක වන සුනන්ද දේශප්‍රිය හෙවත් රංජි සහ සන්ධ්‍යා එක්නැලිගොඩ ද අසුන්ගෙන සිටියේය. තවත් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක් ද ඔවුන් ඉදිරියේ තිබූ පරිගණකයකින් ශ්‍රී ලංකාවට එරෙහිව තොරතුරු ප්‍රකාශයට පත් කරමින් සිටියාය.http://www.divaina.com/
4. ගෝලීය ද්‍රවිඩ සංසදයේ එමානුවෙල් දේවගැති සුරේන් සුරේන්ද්‍රන්, කැනඩාවේ ගැරී ආනන්ද සංගරී ප්‍රංශයේ සිට එන තිරුබාහරන් නොහොත් කිරුබා සහ එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක් වූ යස්මිත් සුකා සමග එක් වී කටයුතු කරන හිටපු කැරැලිකරුවකු වන සුනන්ද දේශප්‍රිය ඇතුළු පාර්ශ්ව ඩයස්පෝරාවේ ක්රියාකාරීන්වේ. http://www.divaina.com/
5. සුනන්ද දේශප්‍රිය හෙවත් රංජිත් මෙයට අමතරව 4000 කට අධික පිරිසක් යුද අපරාධ චෝදනා එල්ලකරමින් පරීක්ෂණ මණ්ඩලයට පෙත්සම් යවා ඇත. http://www.divaina.com/
සුනන්ද දේශප්‍රිය ගැන ඔය කරුණු ටිකක් පමණයි.
ඉහත සුනන්ද දේශප්‍රියගේ කැරැට්ටුව දක්වා ඇතත් ඔහුගේ සොයුරෙක් වීම නිසාම මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ත් කොටියෙක් යැයි අප පවසා නැත. නමුත් පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයින්ට නාමයෝජනා ලබා දීමෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය LTTE සංවිධානයට උපකාර කර තිබේ.
සයනයිඩ් තොගයක් හා GPS පද්ධති කිහිපයක් සමඟ මුහුදු මාර්ගයෙන් යාපනයට පැමිණීමට ආ හිටපු LTTE සාමාජිකයෙක් තමිල්නාඩුවේ වෙරළාසන්න උචිපුල්ලිහි දී අත්අඩංගුවට ගැනේ. මේ බව වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ ප්‍රධානතම ජාතික පුවත්පතක් වන "TheHindu" පුවත්පත විසිනි.
සයනයිඩ් කරල් 75ක්, සයනයිඩ් ග්‍රෑම් 300ක් ,GPS පද්ධති 4ක්, දුරකථන 7, ශ්‍රීලංකා රු.19,300ක්, ඉන්දීය රු.46,200ක් ,ශ්‍රීලංකා හා ඉන්දිය රියැදුරු බලපත් දෙකක් ඔහු වෙත තිබී සොයා ගත් බව තමිල්නාඩු පොලිසිය පවසයි.
39 හැවිරිදි K .ක්‍රිෂ්ණකුමාර නමැති මොහු 90 දශකයේ LTTEය හා සම්බන්ධ වී සිට 2009 දී තමිල්නාඩුවට පැමිණ ඇති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ. මදුරෙයි බස්නැවතුම්පළේ සිට ඉන්දීය තරුණයන් දෙදෙනෙකු විසින් මෝටර් රථයකින් ඔහු උචිපුල්ලි වෙත රැගෙනවිත් තිබේ.
එතැන් සිට මුහුදු මාර්ගයෙන් ශ්‍රීලංකාවට පැන ගැනීම ඔහුගේ අභිප්‍රාය වී තිබිණ. මෙම සොයා ගැනීමත් සමඟ LTTE ව්‍යාපාරය යලි පණ ගැන්වීමේ උත්සාහයක් පවතින බවට සැකයක් පැන නගින බව ද හින්දු පුවත්පත වාර්තා කරයි.http://www.thehindu.com/
එක සයනයිඩ් කරලක් අවශ්‍ය වන්නේ එක මරාගෙන මැරෙන කොටි සාමාජිකයෙක්ට වන අතර, ඔහු එය භාවිතා කරන්නේ තම ජීවිත කාලෙදිම එක් වතාවක් පමණි. ඒ අනුව සයනයිඩ් කරල් 75 ක් ශ්‍රී ලංකාවට ගෙන්වීම යනු මේ වන විට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සූදානම් "කළු කොටි" 75 ක් නිදැල්ලේ සිටින බවයි.
විශේෂයෙන්ම සෙනග පිරුණ බස්රථ / දුම්රිය වල ගමන් කරද්දී කල්පනාකාරී වීම ඔබගේ ජීවිතයට ගුණදායක වී තිබේ.
උතුරු පළාත් මහ ඇමති විග්නේෂ්වරන්, බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍ය හුගෝ ස්වයව මුණගැසී ඇති බව ඔහුගේ ට්විටර් වෙබ් අඩවියේ සඳහන් වෙයි. https://twitter.com/ HugoSwire/status/ 621349425022136320 මේ ගැන ශ්‍රී ලංකා රජය දැනුවත්ව සිට නැත.
මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතා උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස සිටින කාලයේ විග්නේශ්වරන් මෙවැනි දෑ කිරීමට සිතුවේවත් නොමැත. නමුත් විග්නේෂ්වරන්ගේ ඉල්ලීම පිට ඔහුව ධූරයෙන් ඉවත් කළ අතර ඉන් පසුව උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කළේ පසුගිය සටන් විරාමයට උපකාරි කළ, එසේම එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ලෙස සිටි පළිහක්කාර නැමැත්තාවයි. http://www.divaina.com/
මීට පෙර 1988 දී වර්ධරාජා පෙරුමාල් ඉන්දියාව සමග සෘජුව සාකච්ඡා පැවැත්වූ අතර එහි ප්‍රතිඵලය වූයේ ඔහු උතුරු නැගෙනහිර එක් කර දෙමළ ඊළම ප්‍රකාශ කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස උතුරට ඉන්දියාවෙන් පරිප්පු දැමූ අතර අවසානයේදී ඉන්දීය හමුදාව මෙරට ආක්‍රමණය කළෝය. පසුව ඉන්දියාවටම පලා ගිය වර්ධරාජා පෙරුමාල් මෑතකදී ශ්‍රී ලංකාවට යළි පැමිණ ඇත. http://www.divaina.com/
ඉන් පසුව 2002 දී ඇන්ටන් බාලසිංහම් විසින් උතුරු නැගෙනහිර නියෝජනය කරමින් බ්‍රිතාන්‍යය සහ නෝර්වේ සමග සාකච්ඡා පැවැත්වූ අතර එවිටත් වත්මන් අග්රාමාත්යවරයාම කරබාගෙන සිටියේය. http://
පළාත් සභාවක මහ ඇමතිවරයෙක් වෙනත් රටක විදේශ ආමාත්‍යවරයෙක් සමග රාජතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් සහ විශේෂයෙන්ම තම පළාත් සභාවේ කටයුතු සම්බන්ධයෙන් මෙලෙස මධ්‍යම රජයේ සහභාගීත්වයක් නොමැතිව ද්වීපාර්ශවික සාකච්ඡා පවත්වනවානම්, එහි තේරුම එම පළාත් සභාව මධ්‍යම රජයෙන් වෙන් වී අවසන් බවයි.
මෙම ට්විටර් පණිවිඩයේ සඳහන්ව ඇත්තේ උතුරේ ප්‍රශ්න නිරාකරණය කිරීම පිළිබඳව කතා කළ බවයි. එය සෘජුව බ්‍රිතාන්‍යය අපේ රටේ උතුරු පළාත තම කොළනියක් සේ සලකමින් අත ගැසීමකි.
ඊටත් වඩා භයානක කරුණ වන්නේ පෙඩරල් බලාපොරොත්තු වන විග්නේශ්වරන් විසින්, මීට පෙරද උතුර බෙදා වෙනම රටක් හැදීමට උත්සාහ කළ බ්‍රිතාන්‍යයේ විදේශ ඇමතිවරයා සමග ද්වීපාර්ශවික සාකච්ඡා ඇරඹීමයි.
පිළිලයක් නියපොත්තෙන් කඩා ඉවර කරනවා මිස පොරොවෙන් කපනකම් බලන් නොසිටිය යුතුය. එවිට පිළිලය ඉවත් කළද ගස දිරාපත් වී තිබේ. වර්තමානයේදී අප රටට සිදුවෙමින් පවතින මෙම ඛේදවාචකය තවත් තිස් අවුරුදු යුද්ධයකට මග නොපාදා දැන්ම අවසන් කළ යුතුය. එය කළ හැකි අයෙකුට රට බාර දිය යුතුය. 1983 දී 1988 දී සහ 2002 දී සිදුකළ වැරැදි ආයිත් වෙන්න ඉඩ නොදිය යුතුය.
ත්‍රිකුණාමලය සාම්පූර්හි මහා පරිමාණ කර්මාන්ත ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගේට්වේ ඉන්ඩස්ට්‍රීස් සමාගම ආයෝජන මණ්ඩලයෙන් බදු පදනම මත ලබාගත් ඉඩම රජයට යළි පවරා ගැනිමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සුදානම් වි ඇත්තේ එම ඉඩම යහපාලන රජයේ ඇම්ඩන්වරයෙකු වි සිටින අසාද් සාලියට පවරා දිමට බව අනාවරණය කරගෙන තිබේ.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ 1913/19 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මැයි 21 වැනිදා තෙක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධීකරණ අතුරු නියෝගයක් නිකුත් කලද එම සමාගම ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමින් රෝහිණී මාරසිංහ, බුවනෙක අලුවිහාරේ හා උපාලි අබේරත්න යන මහත්ම මහත්මීන් ගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම අතුරු නියෝගය පනවන ලදි.
ඇමරිකා ඩොලර් බිලියන 4 ක් වැය කරමින් ආයෝජන ගිවිසුම්වලට අනුකූලව ඇරඹූ තම ව්‍යාපෘති අමාත්‍ය මණ්ඩල හා පාර්ලිමේන්තු අනුමැතිය හිමිව තිබියදීත් වත්මන් ජනාධිපතිවරයා තමන්ට කිසිදු දැනුම්දීමක් නැතිව අත්තනෝමතිකව අදාළ ගැසට් නිවේදනය මගින් හිටපු ජනපතිවරයා මුදා හැරි ඉඩම් යළි පවරාගත් බවද පෙත්සම්කරු කියයි.
අදාළ ඉඩම කෙසේ හෝ තමන්ට ලබාදිමට කටයුතු කරන ලෙසට අසාද් සාලී මෙම් තිරණයෙන් පසුව මෛත්‍රීපාලට ඇවටිලි කර තිබෙන අතර එහිදි මෛත්‍රී- අසාද මෙම ගණුදෙනුව අනාවරණය වි තිබේ.
මූලාශ්‍ර:
1. http://www.lankadeepa.lk/ index.php/articles/317549
2. http:// www.lankanewsweb.today/ 2015/05/blog-post_821.html
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ 1913/19 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මැයි 21 වැනිදා තෙක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධීකරණ අතුරු නියෝගයක් නිකුත් කලද එම සමාගම ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමින් රෝහිණී මාරසිංහ, බුවනෙක අලුවිහාරේ හා උපාලි අබේරත්න යන මහත්ම මහත්මීන් ගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම අතුරු නියෝගය පනවන ලදි.
ඇමරිකා ඩොලර් බිලියන 4 ක් වැය කරමින් ආයෝජන ගිවිසුම්වලට අනුකූලව ඇරඹූ තම ව්‍යාපෘති අමාත්‍ය මණ්ඩල හා පාර්ලිමේන්තු අනුමැතිය හිමිව තිබියදීත් වත්මන් ජනාධිපතිවරයා තමන්ට කිසිදු දැනුම්දීමක් නැතිව අත්තනෝමතිකව අදාළ ගැසට් නිවේදනය මගින් හිටපු ජනපතිවරයා මුදා හැරි ඉඩම් යළි පවරාගත් බවද පෙත්සම්කරු කියයි.
අදාළ ඉඩම කෙසේ හෝ තමන්ට ලබාදිමට කටයුතු කරන ලෙසට අසාද් සාලී මෙම් තිරණයෙන් පසුව මෛත්‍රීපාලට ඇවටිලි කර තිබෙන අතර එහිදි මෛත්‍රී- අසාද මෙම ගණුදෙනුව අනාවරණය වි තිබේ.
මූලාශ්‍ර:
1. http://www.lankadeepa.lk/
2. http://
මහ මැතිවරණයෙන් ජය ගතහොත් පොරොන්දු ප්‍රකාරව මුස්ලීම් කොන්ග්රසය නැගෙනහිර වෙනම මුස්ලීම් කලාපයක් ලබාගනිද්දී ඊට එරෙහි නොවීමට චම්පික රණවක සමග රාවුෆ් හකීම් රහසිගත එකඟතාවයකට එළඹ ඇති බව වාර්තා වී තිබේ.
පසුගිය ජනාධිපතිවරණයේදී මුස්ලීම් කොන්ග්‍රසයට ලබා දුන් පොරොන්දු ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර මුස්ලීම් කලපය ලබා දීමට නියමිතව තිබුණි.
නමුත් එමගින් සිංහල ඡන්ද අඩු වෙන බැවින් මහ මැතිවරණයෙන් පසුව එජාපය ජයගතහොත් මුස්ලීම් කලාපය ලබා දීමට දෙපාර්ශවයම එකග විය. එහිදී ආණ්ඩුව තුළින්ම චම්පික රණවකගෙන් විරෝධයක් එල්ල වෙන්නේ නැති බව බවට ශපථ කරමින් මෙම චම්පික - හකීම් එකඟතාවයට පැමිණි බව වැඩිදුරටත් වාර්තා වෙයි.
https://www.facebook.com/
https://www.facebook.com/
රාවුෆ් හකීම් සමග මෙන්ම රිෂාඩ් බදියුදීන් සමගත් චම්පික රණවක දැඩි මිත්‍රත්වයක් ඇතිකරගෙන ඇති බැවිනුත්, තමන් දැඩි ලෙස විවේචනය කළ පක්ෂයකින් මහ මැතිවරණයට පිවිසෙන බැවිනුත් මෙම චම්පික හකීම් එකගතාවය පුදුමයක් නොවේ.
වෙනම මුස්ලීම් කලාපයක් සඳහා පොරොන්දුවක් සිදුවුණේ නෑ කිව්වද පහත වීඩියෝව පසුව මාධ්‍ය වෙත නිකුත් විය. බලන්න https://www.facebook.com/
අන්තර්ජාලය තුළ මේ වනවිට ඡන්ද උණුසුමටත් වඩා උණුසුම් පුවතක් බවට පත්ව ඇත්තේ යාපනය, මිරුසුවිල් ප්‍රදේශයේදී වූ අට පුද්ගල මිනිස් ඝාතනයට චෝදනා පිට සුනිල් රත්නායක නම් වූ යුද හමුදා වර්ණ සැරයන්වරයාට අධිකරණය ඉදිරියේ මරණ දඬුවම් හිමිවීමේ සිද්ධියය.
මෙය රටේම අවධානයකට පාත්‍ර වන්නේ වසර දහතුනක් තිස්සේ විභාග වුණු නඩු විභාගයේ අවසන් නිගමනය ලෙස මරණ දඬුවම හිමිවීමත් සමගය. අහිංසක සිවිල් වැසියන් දහස් ගණනක් මරණයට පත්කර රාජ්‍ය දේපොළ විනාශ කළ කොටි සන්නද්ධ අංශයේ ප්‍රබලයන් පවා නිදහස් කිරීමට සාකච්ඡා යෙදෙද්දී සුනිල් රත්නායකට අත්වූ ඉරණම කාගේත් කතාබහට ලක්වූයේය. බන්ධනාගාරගතව සිටින කොටි සන්නද්ධ අංශ නායකයින් මුදාගැනීම සම්බන්ධව රජය හා දෙමළ සන්ධානය සාකච්ඡා අරඹා තිබුණු වකවානුවක මේ නඩුව ඉක්මනින් අවසන් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට උපදෙස් ලබා දී තිබුණේය.
ඒ සමග කියවෙන්නට වූයේ මහසෝන් බළකායේ විශිෂ්ට සේවාවක් කළ රණවිරුවකුට මෙකී ඉරණම අත් වූ බවය. මහසොහොන් බළකාය හෙවත් යුද හමුදා විශේෂ බළකායේ දිගුදුර විහිදුම් බළකායට අයත් රණවිරුවකුට අධිකරණය හමුවේ මරණ දණ්ඩනය නියම වූ බව විවිධ මත සමාජගත වන්නට වූයේය.
යුද හමුදා විශේෂ බළකායේ මහසොහොන් බළකාය කොටි ත්‍රස්තවාදී නායකයින්ට පවා භීතිය ගෙනදුන් විශිෂ්ටයන්ගේත් විශිෂ්ටයන් සිටින ඒකකයක් වූයේය. මෙම විශේෂ ඒකකය කොටින්ට කෙතරම් භීතියක් ගෙන දුන්නාද යන්න පසක් වන්නේ 2002 වසරේදී කොටි සංවිධානය සටන් විරාම ගිවිසුමක් ප්‍රකාශයට පත් කරද්දී එහි එක් කොන්දේසියක් වූයේත් මහසොහොන් බළකාය විසුරුවා හැරීමේ කොන්දේසියයි.
මෙකී මහසොහොන් බළකායේ සෙබළකු පෝරකයට යැවීමට පියවර ගෙන ඇතැයි යන චෝදනාව මධ්‍යයේ මේ වනවිට රජයට එරෙහිව දැවැන්ත අන්තර්ජාල මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින්නේය.
මේ නිසාම මේ සිද්ධියට මුහුණ දුන් රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක නම් වර්ණ සැරයන්වරයා සැබැවින්ම ඉටුකළ කාර්යය භාරය සෙවීමට අපි සිතුවෙමු.
සුනිල් රත්නායක යුද හමුදාවට බැඳුණේ් 1995 දීය. යුද හමුදා ආධුනික සෙබළකු ලෙස ඔහු යුද හමුදාවට එක්වූයේ මහියංගණයේ හද්දා පිටිසර ගමක සිටය. කොටි ත්රස්තවාදීන්ට එරෙහිව ඊළාම් යුද සටන් දරුණුවට යන වකවානුවක හෙතෙම රටට සේවය කරන්නට යුද හමුදාවට එක්වන්නේය.
ගජබා රෙජිමේන්තුව ඔහුගේ මව් රෙජිමේන්තුව වන්නේය. සතුරා අබිමුව දිවි පරදුවට තබා පෙරමුණට යන්නට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ ඔහු ඇතුළත් වන්නේ යුද හමුදාවේ විශේෂිත බළ සේනාවක් වූ ගුවන් සංක්‍රමණික බළ සේනාවටය. (Air mobile Brigade) ඕනෑම අභියෝගාත්මක අවස්ථාවක ලංකාවේ ඕනෑම තැනකට දියෙන්, ගොඩින් හා මුහුදෙන් ගොස් ප්‍රහාරයකට මුහුණදීමට හැකි සුවිශේෂ පුහුණුවක් ලත් බළසේනාව ලෙස ගුවන් සංක්‍රමණික බළසේනාව හඳුන්වයි. එම බළසේනාවට කර්නල් ජගත් අල්විස් (දැනට මේජර් ජෙනරාල්) අණ දුන්නේය. එම බළසේනාවට අයත් ලුතිනන් කර්නල් ශාන්ත දිසානායක (දැනට බ්‍රිගේඩියර්) අණදුන් හයවන ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව සුනිල් සිටියේය. හයවන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන්නා වූයේ මේජර් ජයශාන්ත ගමගේ (දැනට බ්‍රිගේඩියර්)ය. කුඩා කණ්ඩායම් වශයෙන් ක්‍රියාත්මක වන විශේෂ ක්‍රියාන්විත ඛණ්ඩයට අයත් (ඵධන) විමර්ශන කණ්ඩායම ලෙස සටන් පෙරමුණේ සිටියේ කෝප්රල් සුනිල් ඇතුළු පිරිසකි. ලුතිනන් කාවින්ද දිසානායකගේ චාලි කණ්ඩායමේ හතළිහක පමණ භට පිරිසක් අතරින් විශිෂ්ටයින් තෝරා එස්. ඕ. පී. රෙකී කණ්ඩායම තෝරාගෙන තිබිණි.
ජයසිකුරු, රිවිරැස යන ප්‍රධාන මෙහෙයුම්වලට එක්වී කිළිනොච්චිය හා යාපනය මුදා ගන්නා ක්‍රියාන්විතවලදීත් මන්නාරම මුදාගත් රණගොස මෙහෙයුමේදීත් සටන් පෙරමුණේ එඩි පෑ රණවිරුවන් අතර මෙකී කණ්ඩායමත් පෙරමුණේම සිටියේය.
1998 - 1999 වකවානුවල මන්නාරමේ ත්‍රස්ත ක්‍රියා මැඬ පවත්වන්නට හොර රහසේ සතුරු බල ප්‍රදේශයට ගොස් සතුරු කඳවුරුවල ඔත්තු බලාවිත් ප්‍රහාර දියත් කරන්නට මෙම එස්.ඕ.පී.රෙකී කණ්ඩායමෙනුත් සුවිශේෂ කාර්යය භාරයක් ඉටු වූයේය.
දෙවන ලුතිනන් සේනක මුණසිංහ සමග විසිහතර දෙනකුගෙන් සමන්විත එස්. ඕ. පී. කණ්ඩායම 2000 වනවිට සිටියේ යාපනයේය. මිරුසුවිල් සිද්ධියේ චෝදනාවට ලක් වූ දෙවන ලුතිනන් මුණසිංහ (දැනට කපිතාන්) කෝප්රල් ජී. මුණසිංහ (දැනට බළලත් නිලධාරි 01), ලාන්ස් කෝප්‍රල්වරුන් වන සුනිල් රත්නායක (වර්ණ සැරයන්) ටී. එම්. ජයරත්න (වර්ණ සැරයන්), සෙබළ පුෂ්ප සමන් කුමාර (සැරයන්) යන හයදෙනාත් එස්. ඕ. පී. කණ්ඩායමේ සිටි දක්ෂ ඉලක්ක සපුරාලූ නිර්භීත භටයෝ වූහ.
මෙම කණ්ඩායමේ සියලුදෙනා සටන් පෙරමුණේ තුන් හතර වතාව තුවාල ලබා ඒවා සුව වන්නටත් පෙර සටන් පෙරමුණට පැමිණි අය වූහ. සුනිල් රත්නායක ජයසිකුරු මෙහෙයුම අතරේ තුවාල ලබන්නේ මාන්කුලම්වල මෙහෙයුමකදීය. සතුරු මෝටාර් ප්‍රහාරයක් මුහුණට වැදී කටේ දත් සමග කොටසක් කැඩී යන්නේය. තවත් වරක කකුල හා පිට ප්‍රදේශයට මෝටාර් හා වෙඩි උණ්ඩ වැදෙන්නේ සටන් පෙරමුණේදීය. කිලෝමීටර් ගණන් සතුරු වළල්ල ඇතුළට රිංගා ත්රස්තවාදීන්ගේ බංකර් හා කඳවුරු ගැන තොරතුරු සොයාගෙන විත් විස්මිත ප්‍රහාර එල්ල කිරීම මෙම කණ්ඩායමට පැවරුණ රාජකාරි විය.
විශේෂ බළකායේ මහසොහොන් බළකාය ඉලක්ක සපුරාගන්නේ සතුරු බලකොටුවේ කිලෝමීටර් විස්ස තිහ ඇතුළට රිංගා ලබාගන්නා ඉලක්කවලිනි. මෙකී එස්. ඕ. පී. රෙකී කණ්ඩායම්වලට පැවරුණේ කිලෝමීටර් හත, අට ඇතුළට රිංගා තොරතුරු සෙවීම හා පහරදීමය.
සුනිල් ඇතුළු කණ්ඩායම මාදුරුඔය විශේෂ බළකා කඳවුරෙහි 1998 දී මාස තුනක විශේෂ පුහුණුවක් ලැබෙන්නේ සතුරු භූමියේ විමර්ශන මුර සඳහාය. 1997 දී ඇමෙරිකානු විශේෂ බළකා සෙබළුන් ලංකාවේ දුන් සුවිශේෂ පුහුණුවකටද සුනිල් ඇතුළු හයවන ගජබා රෙජිමේන්තුවේ දාහතර දෙනකුට පුහුණුවක් ලැබිණි.
මෙම පුහුණුවීම්වලින් පසුව ඔවුන් ජයසිකුරු ක්‍රියාන්විතය හා උතුරේ මෙහෙයුම් සඳහා අනුයුක්ත කෙරෙන්නේය. 2000 දී අලිමංකඩ හමුදා කඳවුරු අත්පත් කර ගනිමින් කොටි ඇරඹූ නොනවතින රැල්ල මෙහෙයුමෙන් යාපනය අර්ධද්ධීපයත් අල්ලා ගැනීමට යද්දී අපේ විරෝදාර භට පිරිස් දිවි හිමියෙන් සටන් කළ සරසාලෙන් කොටින්ගේ ඉදිරි ගමන නවත්වන්නට සමත් වූහ.
අලිමංකඩ දරුණු පරාජයත් සමග හමුදාව මුහමාලේ ආරක්ෂක වළල්ල යොදාගෙන යාපනය රැකගත් අතර ඉන්පසුව මුහුණ දුන්නේ ඉතාම අවදානම් අසීරු තත්ත්වයකටය. කොටි ත්රස්තයෝ සිවිල් වැසියන් සේ පැමිණ ඔත්තු බලාගෙන ගොස් හමුදා ආරක්ෂක වළල්ලේ බංකර් හා කාලතුවක්කු අවි ස්ථානගත කළ තැන්වලට නිරන්තර ප්‍රහාර එල්ල කරන්නට වූහ. මේ නිසා ඇතැම් වෙලාවට සෙබළුන්ට දවසටම කෑම ගන්න ලැබෙන්නේ උදේට පමණි. උදේට වැසිකිළියට යන්නට පිටතට යන සෙබළා පණපිටින් නොඑන අවස්ථා එමටය. ඒ තරමට කොටින්ගේ මෝටාර් හා වෙඩි උණ්ඩ ආරක්ෂක වළල්ල වෙත පතිත වූයේය.
මෙවන් වික්ෂිප්ත මොහොතක සටන් කළ ලුතිනන් මුණසිංහ සමග වූ එස්. ඕ. පී. කණ්ඩායමේ විසිහතර දෙනාගෙන් හතරදෙනකු හැර සියලු දෙනා සටන් පෙරමුණේ තුවාල ලදහ.සිවිල් වැසියන් සේ වෙස් වළාගෙන විත් කොටි ත්රස්තයන් එල්ල කළ ප්‍රහාර හමුවේ එම කණ්ඩායමේ සෙබළු පහක් එකම තැන දිවි පිදූහ. සුළු තුවාල ලද සෙබළුන් තුවාල සුවවන්නටත් පෙර යළිත් කණ්ඩායමට එක්වන්නේ සතුරා පරදන බළවේගයක් වන්නටය.
නොකා නොබි දිවි පරදුවට තබා රට ත්‍රස්තවාදයෙන් ගලවාගන්නට මෙකී සෙබළු සුවිශාල කැපවීමක් කළහ. යාපනය, චාවකච්ච්ෙරි නගරය කොටින්ගෙන් මුදාගන්නට ගුවන් සංක්‍රමණික බළසේනාවට ලද ඉලක්කය සපුරන්නට ඔත්තු බැලීමට යන්නේ කෝප්රල් සුනිල් රත්නායක ඇතුළු ඉතිරිව සිටි හතර දෙනකුගේ කණ්ඩායමකි. සතුරා රැඳී සිටි චාවකච්ච්ෙරි නගරයේ රහසිගත තැන්වලින් රිංගා දිවා රෑ නොබලා තොරතුරු ලබාගත් මෙකී කණ්ඩායම ලබාදුන් තොරතුරුවලින් පසු සෙසු කණ්ඩායම්ද සමගිනි. චාවකච්ච්ෙරි නගරය කොටින්ගෙන් මුදාගන්නට දිවි පරදුවට තබා කළ කැපවීම අගයනුවස් රණශූර පදක්කම (RSP) කෝප්රල් සුනිල් රත්නායකට පිරිනැමෙන්නේය.
ඉන්පසුව ඉදිරි ක්‍රියාන්විත කරමින් සිටි භට පිරිස් මුහමාමලේ ප්‍රදේශයේ ක්‍රියාන්විත සඳහා ස්ථානගත කෙරිණි. මෙම ප්‍රදේශයේ සිවිල් මිනිසුන් තම නිවෙස් පවා අතැර ගොස් තිබුණේ නිරන්තරයෙන් කොටින්ගේ කාලතුවක්කු හා මෝටාර් පතිත වීමත් සමගය. දෙපාර්ශ්වයේ වෙඩි හුවමාරුවලින් බේරීමට කොටින්ගේ බල ප්‍රදේශවලට රිංගාගත් සිවිල් වැසියන්ට පවා හමුදාව සිටි ප්‍රදේශ වෙත ඒම තහනම් විය. ඒ කොටි ත්රස්තයන් සිවිල් වැසියන් සේ පැමිණ ඔත්තු බලාගොස් හමුදා භට පිරිස් සිටින තැන් හා කාලතුවක්කු, මෝටාර් අවි ස්ථානගත කළ තැන්වලට දිගින් දිගටම පහර දෙන්නට වූ නිසාය. රත්නායක ඇතුළු කණ්ඩායමේ බොහෝ දෙනකුගේ ඇඟේ සතුරු මෝටාර් උණ්ඩවලට තුවාල වූ මෝටාර් කැබලි අනන්තවත් වැදී තුවාල වී තිබුණේය. මිරුසුවිල් ෆාම් වත්ත ප්‍රදේශයේ ස්ථානගත වූ භට පිරිස් සිටියේ කොටින්ගේ ආරක්ෂක වළල්ලට කිලෝමීටර් එකහමාරක් පමණ දුරිනි. ඒ අතර අතහැර දැමූ පාළු ගෙවල් හැර වෙන කිසිවකුත් නොවීය. නිතර කාලතුවක්කු, මෝටාර් උණ්ඩ පතිතවන්නට වූයෙන් සෙබළු නිදි වර්ජිතව කාලය ගත කළහ.
මිරුසුවිල් අධි ආරක්ෂිත කලාපය තුළට සිවිල් වැසියන්ට පැමිණීම තහනම් වන්නේ ඔවුන් මෙන්ම සිවිල් වැසියන් මෙන් පැමිණෙන කොටි ඔත්තුකරුවන් කඳවුරුවල ඔත්තු බලාගොස් එල්ල කරන ප්‍රහාර නිසාය. දර අහුලා ගැනීමට හා තම වතුවල එළවළු, පලතුරු කඩාගන්නට මානුෂීය හේතූන් මත මුලින් අවසර ලබාදී තිබුණද සිවිල් වැසියන්ට සීමා පැනවෙන්නේ නිරන්තරයෙන් මේ ප්‍රදේශයේ මෝටාර් උණ්ඩ වැටෙන්නට වීමත් සමගය.
රටම කතාවන ආන්දෝලනාත්මක සිදුවීම වූ මිරුසුවිල්හි අටදෙනා ඝාතනය වන සිදුවීම වාර්තා වන්නේ මේ අතරේය. 2000 දෙසැම්බර් 20 දා මිරුසුවිල් ප්‍රදේශයට පැමිණි නවදෙනාගෙන් අටදෙනකු ඝාතනයට ලක්වීමක් ගැන හමුදාවට චෝදනා නගන්නේ එම පිරිසේ සිට බේරුණු බව අධිකරණය හමුවේ සාක්ෂි දෙන මහේෂ්වරන්, නමැත්තාය. තමා ඇතුළු නවදෙනකු අධි ආරක්ෂිත කලාපය තුළ දර එකතු කරමින් සිටින අතරතුර යුදහමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි කණ්ඩායමක් විසින් තමන් ඇතුළු නවදෙනාට පහර දී රෙදි පටිවලින් දෑස් බැඳ වෙනත් තැනකට රැගෙන ගිය බව මහේෂ්වරන් කියන්නේය. ඉන්පසුව තමාව වැටකින් ඔසවා අනෙක් පසට විසිකරද්දී දෑස් බැඳ දමා තිබූ රෙදි කැබැල්ල එම වැටේ පැටලී වටපිටාව දැකගත් බව ඔහු කියන්නේය. ඉන්පසුව වැසිකිළි වළක් අසලට තමා ගෙනයද්දී එම වැසිකිළිවල අසල විශාල මන්නා පිහියක් අතින් ගත් පුද්ගලයකු සිටගෙන සිටින ආකාරයත්, වළ තුළ කිසිවකු දඟලන ශබ්දයක් ඇසීමත් නිසා බියට පත්වී තමා එතැනින් පැන ගිය බවත් මහේෂ්වරන් සාක්ෂි දෙන්නේය.
අඳුරේ තමා ලුහුබැඳ ආ කණ්ඩායම්වලින් මිදී පලායන මහේෂ්වරන් තම පවුලේ අය හමුවට ගොස් ඊ. පී. ඩී. පී. නියෝජිතයින් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් සමග දින හතරකට පසුව මෙකී සිදුවීම වූ ප්‍රදේශයට පැමිණෙන්නේය. එම ස්ථානය තුළ එළුවකු හම ගැසූ බවට සාක්ෂි ලැබෙන අතර වළ තුළ කිසිදු මළ සිරුරක් නොවිණි.
ඊ. පී. ඩී. පී. සංවිධානයේ බලපෑම මත එවකට සිටි හමුදාපතිවරයා යුද හමුදා පොලිසියට මේ සම්බන්ධ විමර්ශන භාර දෙන්නේය. යුදහමුදා පොලිසියේ මේජර් සිඩ්නි සොයිසා ඇතුළු පිරිසක් විසින් ඇරඹූ හමුදා විමර්ශනයකට අනුව සුනිල් රත්නායක ඇතුළු පස්දෙනකු අත්අඩංගුවට ගන්නේ මේ අනුවය. ඉන්පසුව මේජර් සිඩ්නි සොයිසා ඇතුළු පිරිස මහේෂ්වරන් සමග අතුරුදන් වූ අට දෙනාගේ මළසිරුරු මිහිදන් කර තිබියදී සොයා ගත්තේය. ඒ අතර පස් හැවිරිදි ළමයකුගේ සිරුරක්ද වූයේය. වැසිකිළි වළවල්වල තිබි සොයාගත් බව කියන මෙම පිරිසට අයත් පාපැදි වගයක්ද මේජර් සොයිසා අධිකරණයට ඉදිරිපත් කරන්නේය. මේ අනුව වසර දහතුනක් තිස්සේ දිග් ගැසෙන නඩුව නිසා සුනිල් රත්නායක ඇතුළු පස්දෙනා අවුරුදු දෙකකුත් මාස එකොළහක් තිස්සේ හිරබත් කන්නේ යුදහමුදා පොලිසියේ නිලධාරීන් මෙම පිරිසගෙන් බලෙන් ලබාගත් බව කියන කට උත්තරද පදනම් කරගෙනය.
2000 දෙසැම්බර් 24 හා යුද හමුදා පොලිසියේ මේජර් සිඩ්නි සොයිසා මහේෂ්වරන් සමග තමන් සිටි තැනට පැමිණි අවස්ථාවේ මහේෂ්වරන් තමා ඇතුළු පිරිස දුටු බවත්, මේජර් සොයිසා පැවසූ අයුරින් තමන් කිසිවිටෙකත් මිනී වළක් හෝ බයිසිකල් තිබූ තැනක් නොපෙන්වූ බව පළමු විත්තිකරු අධිකරණය හමුවේ කියා සිටියේය.
එවකට පැවැති වාතාවරණය මත ඊ. පී. ඩී. පී. සංවිධානයෙන් එල්ල වූ බලපෑම මත කවුරුන් හෝ ඉදිරිපත් කළ යුතුව තිබූ බැවින් යුද හමුදා පොලිසියේ නිලධාරීන් තමන් පැටල වූ බව මොවුහු අධිකරණය හමුවේ පෙන්වා දුන්හ. එවකට ඊ. පී. ඩී. පී. සංවිධානය උතුරේ බලවත් වීමත් උදයන් ඇතුළු පුවත්පත් ලබාදුන් ප්රචාරයත් නිසා කවුරුන් හෝ අත්අඩංගුවට ගත යුතුව තිබුණේය.
අවසානයේ මහේෂ්වරන්ගේ සාක්ෂියේ වූයේ තමා අත්අඩංගුවට ගැනුණු මොහොතේ සුනිල් රත්නායක එතැන සිටීම ගැන පමණි.
තම කණ්ඩායම මේජර් සොයිසා විසින් මහේෂ්වරන්ට පෙන්වූ මොහොතේ ප්‍රදේශයේ ග්‍රාම සේවකවරයා සමග සිටි ඊ. පී. ඩී. පී. සාමාජිකයන් හමුදා සෙබළුන්ගේ ඡායාරූප ගෙන තිබිණි. නැවත අධිකරණය වෙත ගෙනයද්දීත් දෙමළ මාධ්‍ය මගින් ඡායාරූප ගෙන තිබිණි. මහේෂ්වරන් හඳුනා ගැනීමේ පෙරට්ටුවේ සුනිල් හඳුනාගත්තේ මේ සියලු ඡායාරූප ගත කිරීම්වලින් දින ගණනකට පසුවය.
මෙකී පරස්පරතා මධ්‍යයේ වසර 13ක් තිස්සේ කතා කෙරුණු සෑම නඩු වාරයකටම නීතිඥවරුන්ට රුපියල් විසිපන්දහස බැගින් ගෙවන ලද්දේ පස්දෙනා තම වැටුපෙන් පන්දහස බැගින් එකතු කරමිනි. මසකට නඩුවාර හතර පහ කතා කෙරෙද්දී තම කණකර පවා උකස් කරන්නට මොවුනට සිදුවන්නේය. මිනීමැරුම් කිසිසේත් අනුමත කළ නොහැකි මුත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ක්‍රියා කළා නම් ඔවුනට සාධාරණය ඉටුවිය යුතුව තිබිණි.
යුද බිමේ අනේක දුක් කම්කටොළු බාධක මැද රට වෙනුවෙන් තම ඇස්, ඉස්, මස්, ලේ දහදිය හැළුෑ මෙකී විරුවන් අතරින් සුනිල් රත්නායක පෝරකයට නියම වී හමාරය. අනෙක් සිව්දෙනා නිදොස් කර නිදහස් වූහ. අද සුනිල්ගේ තුන් හැවිරිදි තරුෂි ඉරෝෂනා දියණිය සිය පියා සොයද්දී කාංචනා කුමාරි වන සුනිල්ගේ බිරියට දීමට උත්තර නැත. ඇය කඳුළු වගුරුවමින් දැන් සටන් කරන්නේ ජනාධිපති සමාවකින් හෝ තම සැමියා නිදහස් කරගන්නටය. ඔවුහු ලබන සතියේ අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමටද කටයුතු කරමින් සිටිති.
ශ්‍රී ලාංකේය දේශයට සාමය උදාකරලීමේ අදිටනින් යුද්ධයට කැපවී ලේ, මස් දන් දෙමින් වෙඩි උණ්ඩවලට මුහුණදුන් රණශූර පදක්කමින් පුද ලද සුනිල් රත්නායකට යුක්තියේ දෙවොල (Temple of Justice) ඉදිරියේ යුක්තිය ඉටුකිරීම හෝ ජනාධිපතිවරයාගේ විශේෂ සමාවක් ලබාගැනීම වෙනුවෙන් මේ වනවිට සමාජ ජාලා වබේ අඩවිවල පිටු දිග හැරෙමින් තිබෙන්නේය.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
"රිවිර" පුවත්පත 2015/07/09
අප නැවතත් බලයට පත් වූ පසුව යාපනයේ සියලුම පොලිස් ස්ථාන වසා දමන බවට එජාප අපේක්ෂිකා විජයකලා මහේෂ්වරන් දෙමළ ජනතාව ඉදිරියේ පොරොන්දු වෙයි.
ඇය මෙසේ පවසා ඇත්තේ නාමයෝජනා සඳහා අත්සන් කිරීමෙන් පසු ජනමාධ්‍ය වෙත අදහස් දක්වද්දී ය. මේ බව සුප්‍රසිද්ධ Asian Tribune වෙබ් අඩවියෙන් වාර්තා කර තිබේ.
“All police stations in the Jaffna Peninsula will be shut down, when we come back to power,” revealed Vjayakala Maheswaran, the UNP lead candidate for the parliamentary elections in the Jaffna electoral district.http://asiantribune.com/
හමුදාව ඇවිත් උතුර අල්ලාගන්න කලින් LTTE ය විසින් පාලනය කරද්දී එහි තත්වය ඉතා හොඳ බව නියෝජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මීට පෙරදී සඳහන් කළාය. ඇය එසේ පැවසූයේ සිරස රූපවාහිනයේ සටන වැඩසටහනට එක්වෙමිනි.
වීඩියෝව නරඹන්න. https://youtu.be/
මේ වන විට උතුරේ එජාප අපේක්ෂකයින්ගේ ප්‍රධාන මැතිවරණ සටන් පාථය වී ඇත්තේ ඔවුන් බලයට පත් වූ පසුව පොලිසිය සහ හමුදාව උතුරෙන් ඉවත් කිරීමයි. ඔවුන් මෝටර් සයිකල් වලින් කැන්වසින් යද්දී පොලිස් ස්ථාන වලට ගල් පහරවල්ද එල්ල කරන බව උතුරේ රාජකාරි කරන පොලිස් නිලධාරීන් අප වෙත දන්වා එවා තිබේ.
කුමන දේශපාලන මතයක් දැරුවත් රණවිරුවන් දිවි පුදා රැක දුන් මේ මාතෘ භූමිය මෙලෙස පාවා දෙන්න එපා යැයි අප ඉල්ලා සිටිමු. මේ ගැන සියල්ලන්වම දැනුවත් කරන්න.
මතකද කලකට පෙර ‘සිරස’ ගුවන් විදුලියේ ‘කුරුබිලිය’ වැඩ සටහනට කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය?
ඔව්, නැතුව. ‘කුරුබිලිය’ වැඩ සටහනකින් කිංස්ලි රත්නායක තමයි මගෙන් ඇහුවේ ඔබ ජීවිතේ වැඩියෙන්ම කැමැති තැන සහ කරන්න කැමැති දේ මොකක්ද කියලා. මම කියනවා ‘ශ්‍රී මහා බෝධිය යට බොහෝම සුන්දර වෙලාවක පොඩි අඩියක් ගහන්න ආසයි’ කියලා. ඉතිං ඒකෙන් මම අදහස් කළේ බුද්ධාගමට හිංසා කිරීමවත්, හත් අට දෙනෙක් එක්ක එතනට ගිහින් බීලා සිංදු කිය, කියා නටන එකවත් නෙවේ. මම තනියම කරන්න අසා දෙයක් ඒ කිව්වේ. ඉතින් ඒක කවුරු හරි වරදවා තේරුම් ගත්තා නම් මට කරන්න දෙයක් නෑ. නමුත් එදා ඒකට විරුද්ධව ඔය කතා කරපු කී දෙනෙක් බෝ ගස් යට බොනවා ඇද්ද?
එතකොට ඒ ප්‍රකාශය අදටත් වලංගුයි?
ඔව්, ඔව්. ඒක අදටත් වලංගුයි. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. මම ඒක ඉල්ලා අස් කරගෙන නෑ.
ඩබ්ලිව් ජයසිරි එම ප්‍රකාශය කර ඇත්තේ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා සරසවිය පුවත්පත සමග පැවති සංවාදයකදීයි. http://www.sarasaviya.lk/ 2015/07/02/?fn=sa15070215
ඔව්, නැතුව. ‘කුරුබිලිය’ වැඩ සටහනකින් කිංස්ලි රත්නායක තමයි මගෙන් ඇහුවේ ඔබ ජීවිතේ වැඩියෙන්ම කැමැති තැන සහ කරන්න කැමැති දේ මොකක්ද කියලා. මම කියනවා ‘ශ්‍රී මහා බෝධිය යට බොහෝම සුන්දර වෙලාවක පොඩි අඩියක් ගහන්න ආසයි’ කියලා. ඉතිං ඒකෙන් මම අදහස් කළේ බුද්ධාගමට හිංසා කිරීමවත්, හත් අට දෙනෙක් එක්ක එතනට ගිහින් බීලා සිංදු කිය, කියා නටන එකවත් නෙවේ. මම තනියම කරන්න අසා දෙයක් ඒ කිව්වේ. ඉතින් ඒක කවුරු හරි වරදවා තේරුම් ගත්තා නම් මට කරන්න දෙයක් නෑ. නමුත් එදා ඒකට විරුද්ධව ඔය කතා කරපු කී දෙනෙක් බෝ ගස් යට බොනවා ඇද්ද?
එතකොට ඒ ප්‍රකාශය අදටත් වලංගුයි?
ඔව්, ඔව්. ඒක අදටත් වලංගුයි. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. මම ඒක ඉල්ලා අස් කරගෙන නෑ.
ඩබ්ලිව් ජයසිරි එම ප්‍රකාශය කර ඇත්තේ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා සරසවිය පුවත්පත සමග පැවති සංවාදයකදීයි. http://www.sarasaviya.lk/
මහනුවර රිදී විහාරය සංවර්ධනය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් විමර්ෂනය කිරීමට එහි විහාරාධිපති හිමියන්ව මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශය වෙත ගෙන ගොස් පැය ගණනාවක් තිස්සේ ප්‍රශ්න කර තිබෙනවා. එහි දෙරන ප්රවෘත්ති වාර්තාව.https://www.facebook.com/ SinhalaBuddhist/videos/ 10153495083801934/
ඒ අතර මුන්නක්කම්බන් සින්නකල්ලවරායන් නම් වූ ප්‍රදේශයේ තිබූ පිපෙන කැකුළු නමැති පෙර පාසල හිටපු කොටි ත්රස්තයකු වූ විදුෂන් පෙර පාසල යෑයි නම් කර යළි ඉදිකරදී තිබෙනවා. දිවයින පුවත්පතේ මූලාශ්‍රය http://www.divaina.com/ 2015/06/07/defence.html
සිංහලයින්ට එක විදිහකටත්, හිටපු කොටි සාමාජිකයින්ට තවත් විදිහකටත් සලකන මේ අසාධාරණය තවත් ඉවසිය හැකිද?
ඒ අතර මුන්නක්කම්බන් සින්නකල්ලවරායන් නම් වූ ප්‍රදේශයේ තිබූ පිපෙන කැකුළු නමැති පෙර පාසල හිටපු කොටි ත්රස්තයකු වූ විදුෂන් පෙර පාසල යෑයි නම් කර යළි ඉදිකරදී තිබෙනවා. දිවයින පුවත්පතේ මූලාශ්‍රය http://www.divaina.com/
සිංහලයින්ට එක විදිහකටත්, හිටපු කොටි සාමාජිකයින්ට තවත් විදිහකටත් සලකන මේ අසාධාරණය තවත් ඉවසිය හැකිද?
අද්මිරාල් වසන්ත කරන්නාගොඩ නම් ඔහු, එදා ඊනියා සටන් විරාම කාලයේදීත් මහ මුහුදේ කොටි නැව් ගිල්වමින් ත්රස්තවාදයට එරෙහි විය, මානුෂික මෙහෙයුම ජයග්‍රහණය කිරීමට සමස්ත නාවික හමුදාවටම නායකත්වය දුන්නේය, කිසිදා හමුදා නිළඇඳුම පිටින් දේශපාලනය කර නැත, රටේ සේනාධිනායකත්වයට එරෙහිව කුමන්ත්‍රණ කළේ නැත, සුදු කොඩි කතාවක් කියමින් කිසි විටෙකත් හමුදාව පාවා නොදුන් අතර ඊට එරෙහිව ප්‍රකාශ නිකුත් කර හමුදාව වෙනුවෙන් පෙනී සිටියේය. සමාන්‍යයෙන් සිදුවන්නේ නිළ ඇඳුම නිසා හමුදා නිලධාරියෙක් බැබලීම වුවද, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා නිසා සමස්ත ත්‍රිවිධ හමුදාවම වර්ණවත් විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජීවමාන පුරාවෘත්තයක් බඳු ඔහු දේශපාලන බේධයකින් තොරව සමස්ත ජාතියේම ගෞරවයට පාත්‍ර වූ විරුවෙකි.
එහෙත් ඒ විරුවාට අද මුහුණ දීමට සිදුවී ඇත්තේ පොලිසි ගානේ, CID එක ගානේ රස්තියාදු වීමටයි. රටක් ජාතියක් බේරා ගැනීමට නාවික හමුදාවටම නායකත්වය දුන්, නිල ඇඳුමේ ගෞරවය රැක ගත් මෙම විරුවාගේ අනාගතය අවිනිශ්චිත වී තිබේ. ඔහුට විරුද්ධව උසාවියේ සාක්ෂි දීමට හිටපු කොටි සාමාජිකයින් රැසක්ම මේ වන විට පුහුණු වෙමින් සිටින බව අප වෙත වාර්තා වී ඇත.
සුදු කොඩි කතාව කියා මුළු ත්‍රිවිධ හමුදාවටම යුධ අපරාධ චෝදනා එල්ල කළhttps://www.youtube.com/ watch?v=oggCA19H9Oc , ප්රභාකරන් තමන්ගේ දරුවන්ගෙන් පළි නොගත් බව කියමින් ප්‍රභාකරන්ව වීරයෙක් කළ https://www.youtube.com/ watch?v=t9b72mZKSOI , රණවිරු සුනිල් රත්නායක පෝරකයට යද්දී රාජ්‍ය බලය තිබියදීත් කට බලියන් ඉන්න හිටපු පාබල හමුදාපතිට ෆීල්ඩ් මාෂල් කම ලැබෙද්දී, නාවික හමුදාපතිවරයා පොලිසියේ බංකුවේ වාඩි වී සිටී.
එහෙත් ඒ විරුවාට අද මුහුණ දීමට සිදුවී ඇත්තේ පොලිසි ගානේ, CID එක ගානේ රස්තියාදු වීමටයි. රටක් ජාතියක් බේරා ගැනීමට නාවික හමුදාවටම නායකත්වය දුන්, නිල ඇඳුමේ ගෞරවය රැක ගත් මෙම විරුවාගේ අනාගතය අවිනිශ්චිත වී තිබේ. ඔහුට විරුද්ධව උසාවියේ සාක්ෂි දීමට හිටපු කොටි සාමාජිකයින් රැසක්ම මේ වන විට පුහුණු වෙමින් සිටින බව අප වෙත වාර්තා වී ඇත.
සුදු කොඩි කතාව කියා මුළු ත්‍රිවිධ හමුදාවටම යුධ අපරාධ චෝදනා එල්ල කළhttps://www.youtube.com/
රට ජාතියට එරෙහි සතුරන්ට එරෙහි වෙන අතර එවන් සතුරෙකු වුවද අන්ත අසරණ වූ විට සිංහල බෞද්ධ අප කණගාටුවට පත් වන්නේ දෙටුගැමුණු මහ රජතුමාගෙන් අප ලබා ඇති විස්මිත දර්ශණය නිසාවෙනි.
වික්‍රමබාහු කරුණාරත්නට ඉක්මන් සුවය පතන අතර, සුව වූ විටෙක දෙමළ ඊළම අතහැර පරලොව වෙනුවෙන් පිනක් දහමක් කරගනන්ට හැකිවේවායි පතමු.
මාක්ස්වාදය - භෞතිකවාදය ආදිය ගැන මොන පුරසාරම් ගැසුවත් මරණ බියෙන් තැති ගෙන මරණ මංචකයේ සිටියදී කාටත් සිහි වන්නේ බුදුරජාණන් වහන්සේවයි!
දෙමළ ජනතාවට යහපාලුවන්ගෙන් ලැබෙන මෙම වරප්‍රසාද සිංහලයින්ට ලැබේද? ජාතිවාදය ඇති කරන්නේ කවුද කියල පේනවානෙ.
දුප්පත් දෙමළ අයට දැන් රැකියාවක් ලබාගනන්ට කරන්න තියෙන්නේ ලෝක උරුමයක් වන පුරාවිද්‍යා ස්ථානයට හානි කරලා තමන්ගෙ දුක් ගැනවිල්ල කියන්න විතරයි.
බස් එකේ මගීන් හැමෝටම පෙන්න පෝස්ටරේ ගහන්න ඕනයි කියල, පෝස්ටර් එක ගහල තියෙන තැන පේනවානෙ.
මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ යනු කවුදැයි ඔබ දැන සිටියාද? ඔහු...,
1. අතුරුගිරිය මිලේනියම් සිටි නිවස්නය ඇතුළු දිගු දුර විහිදුම් බලකායට (LRRP) අණ දුන් බුද්ධි අංශ නායකයායි.
2. 2002 මහා පාවාදීමෙන් මේජර් මුතාලිෆ්, කැප්ටන් නීලම් ඇතුළු රණවිරුවන් (සමහරක්ට අනුවනම් ඔවුනුත් මිනීමරුවන්) එකා පිට එකා කොටි පිස්තෝල කල්ලියෙන් ඝාතනය වෙද්දී, ඉන් දිවි ගලවාගත් නිලධාරීන් අතළොස්සෙන් අයෙකි.
3. මිලේනියම් සිටි මහා පාවාදීම වැළැක්වීමට උපරිම උත්සාහය ගත් නිලධාරියෙකි. මේ බලන්න,
[[කපිතාන් නීලම් ඇතුළු කණ්ඩායම මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්ථානගත වූයේ නීත්‍යනුකූලව යෑයි හමුදා බුද්ධි අංශ නායක කපිල හෙන්දාවිතාරණ හා හමුදාපති ලයනල් බලගල්ලේ කළ ප්‍රකාශය ද උඩුගම්පොල පිළිගත්තේ නැත.]] source:- http://www.divaina.com/
දේශපාලන අධිකාරියෙන් එන නියෝගය හමුදා නියෝගයන්ට වඩා ඉහළ බැවින් එම පාවාදීම වැළැක්වීමට නොහැකි විය.
4. මහසොහොන් බලකායට 2000 කාලයේ සිටම බුද්ධි අංශ නායකත්වය දුන් ඔහු, හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අදහසක් අනුව "The 8 Man Team" ක්‍රමය LRRP යට යොදා ඇත. ඒ හරහා චාර්ල්ස් ඇන්තනී බලකායේ ඇතුළු ප්‍රබල කොටි නායකයින් ගණනාවක්ම කොටි අඩවිය ඇතුළතදීම අවසන් කර ඇත.
5. එනිසාම කොටින්ගේ ඝාතන ලයිස්තුවේ 4 වැනි ස්ථානයේ සිටි නිලධාරියායි.
6. ශ්‍රී ලංකාව පළමු වතාවට විදේශයකට ගොස් සිදුකරන ලද හමුදා මෙහෙයුම වන්නේ කුමාරන් පත්මනාදන්ව මැලේසියාවේදී අත් අඩංගුවට ගැනීමයි. ඊශ්‍රායල් මොසාඩ් මෙහෙයුමක ආකාරයෙන් කිසිදු ලේ වැගිරීමක් නොකර ලෝක බලවතුන්ව පවා විස්මයට පත් කරමින් සිදුකළ එම මෙහෙයුමේත් මොළකරුවෙකු වූයේ මෙතුමයි.
source: [[The entire operation had been secretly planned between Defence Secretary Gotabhaya Rajapaksa and Chief of National Intelligence (CNI) Maj. Gen. Kapila Hendawitharana.]] https://
7. මානුෂික මෙහෙයුම ආරම්භයේ සිටම අවසානය දක්වා හමුදා බුද්ධි අංශ ප්‍රධානී ලෙස විශිෂ්ට සේවාවක් සිදුකර කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ සැඟවුණ මොළකරුවෙකි. එහි ප්‍රතිඵලයක් ලෙස "රාජ්‍ය බුද්ධි සේවයේ" (SIS) ප්‍රධානියා ලෙස මුළු රටේම බුද්ධි අංශ නායකත්වය ලැබූ ශ්‍රී ලංකා ඉතිහාසයේ කීර්තිමත්ම බුද්ධි අංශ නිලධාරියායි.
අප ඉහත දැක්වූයේ මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා ගැන ජනමාධ්‍ය වලට හෙළි කර ඇති තොරතුරු කිහිපයක් පමණයි. ඔහුගේ විශිෂ්ඨ සේවය සහ ඔහුගේ කැපකිරීම් ගැන අප පවා නොදන්නා දෑ අනන්තවත් ඇත.
ජීවමාන ජාතික වීරයෙක් බඳු ඔහු විදේශයන්ට අයථා ලෙස මුදල් යැවූ බව කියමින් ඔහුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට යහපාලන ආණ්ඩුවෙන් අධිකරණ නියෝග අරන්. (ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්රවිනිශ්චකාරයාත් දෙමළ ජාතිකයෙකි). http://www.mawbima.lk/
නීත්‍යනුකූල නොවන අන්දමින් උපයා ගන්නා ලද මුදල් මෙරටින් රැගෙන ගොස් විදේශ රටවල මූල්‍ය ආයතනවල තැන්පත් කිරීමක් ගැන කීවද ඇත්තටම එහිදී සිදුවී ඇත්තේ වෙනත් දෙයක් විය යුතුය. අපට වාර්තා වෙන ආකාරයට, යුරෝපයේ LTTE සාමාජිකයින් අතරට හමුදා බුද්ධි අංශ නිලධාරීන්ව යැවූ අතර එම නිලධාරීන්ට එහි ගොස් ජීවත් වීම සඳහා යම් මුදලක් වැය වෙයි. මේවා රජයේ ආරක්ෂක වියදමින් කළහොත් එම වියදම් බොහෝ අයට දැකගත හැකි වන බැවින් එවිට සියලුම රහස් කොටින්ට හෙළිවෙන නිසා පෞද්ගලික මට්ටමෙන් මේවා සිදුකිරීමට වෙයි.
මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතාගේ බැංකු ගිණුම් පරීක්ෂා කර අදාල මුදල් යැවීම් මොනවාදැයි හෙළි කිරීමත් සමග යුරෝපයේ රඳවා ඇති සියලුම ශ්‍රී ලංකා බුද්ධි අංශ නිලධාරීන්ව මාධ්‍ය මගින් හෙළිවෙයි. 2002 මිලේනියම් සිටි නිවාසය රජය මගින්ම හෙළි කිරීම නිසා මෙරට සිදුවූවාක් වැනි බුද්ධි අංශ නිලධාරීන්ගේ මහා ලේ වැගිරීමක් නුදුරේදීම යුරෝපා රටවලදීත් සිදුවීමට නියමිතයි.
යුරෝපා කොටි ඩයස්පෝරාවේ ප්‍රධානතම ඉලක්කයක් වන මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමෙන් මෙය අවසන් නොවේ. එහිදී දූෂණ සිදුවූ බව කියමින් ඔහුව අත් අඩංගුවට ගෙන, ඔහුට එරෙහිව හිටපු කොටි ලවාම තවත් බොරු සාක්ෂි ගොනු කර, මංගල සමරවීරගේ මාධ්‍ය ත්රස්තවාදීන් ලාවා ඔහුව මිනීමරුවෙක් ලෙස ප්‍රචාරය කර, අවසානයේදී ඔහුවත් පෝරකයට යැවීම සිදු වෙනු ඇත. මහසොහොන් බලකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකව එල්ලුම් ගස් යැව්වේත් මේ ආකාරයෙනි.
බුද්ධි අංශ නිලධාරීන් තමන්ගේ ජීවිතය පමණක් නොව ආධ්‍යාත්මක පවා කැප කරමින් සේවය කරන්නේ අපිට මරණ බියෙන් තොරව ජීවත් වීමට ඉඩ ලබා දීමටයි. කොටි ඩයස්පෝරාවට හිසරදයක් වී ඇති දිගු දුර විහිදුම් බලකාය සහ ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි අංශ මෙලෙස පාවා දීමේ පාපකර්මයට අප ඉඩ දෙමුද?
හරිම සංවේදී සිදුවීමක්. මේ ඇවිදගන්නවත් බැරි ආබාධිත පුද්ගලයට පොලිස් කොස්තාපල් කෙනෙක් කමිසයෙන් අල්ලල පහර දුන්නා. මෙහෙම ආබාධිතයෙකුට සලකන්නට ජෝන් අමරතුංගගේ යහපාලන පොලිසියට ඇති අයිතිය කුමකද? මේකද අපි බලාපොරොත්තු වූ යහපාලනය?
හෙළ උරුමය සිංහල බෞද්ධකම නිල වශයෙන්ම අතහරී. සෝම හාමුදුරුවන් බලාපොරොත්තු වූ ධර්ම රාජ්‍යය හදන බව කියමින් අවුරුදු 10 ක් පාර්ලිමේන්තුවේ හිටියත් සිංහල බෞද්ධයින් වෙනුවෙන් කළ දෙයක් නැත. පහුගිය ආණ්ඩුව සිංහල බෞද්ධයින්ට නොකළ බවට මහා ජනමතයක් ඇති කර නැවතත් යහපාලන ආණ්ඩුවක් හැදුවත් ඉන් සිදුවූයේ සිංහල බෞද්ධයින්ව පමණක් නොව රටේ ජාතික ආරක්ෂාවත් විනාශ වී යාමයි. අවස්ථාවාදී දේශපාලනය මොනවට පෙන්වමින් හෙළ උරුමය එහි අවසන් සිංහල ලකුණ වන හක් ගෙඩියත් ඉවත් කර දියමන්තිය තෝරා ගනී.
ලංකාදීප මූලාශ්‍රය: http://www.lankadeepa.lk/ index.php/articles/329916
මව්බිම මූලාශ්‍රය: http://www.mawbima.lk/ thumb/epaper-images/ 45003.jpg
දේශපාලන ලෝකයේ සිදුවන දෑ අපට බොහෝදේ උගන්වමින් තිබේ. දේශපාලන ලෝකයේ පතාක යෝධයන් යැයි සිතා සිටි පිරිසක් පතාක මෝඩයින් බව ඔප්පුකරමින් සිටී. මෙසේ සිදු වූයේ ඇයි? වසන ලද වැසිකිළි වලවල් උඩ පැලවුනු කෙසෙල් ගස් මෙන් කෙටි කාලයක් තුල සරුවට වැඩුණු සමහර දේශපාලන චරිත ගේම් ගසා පමනක් උඩට යාමට කටයුතු කළ ආකාරය අප බලා සිටියේ සංවේගයෙනි. ඔවුන් කෙළවර අත්පත්කර ගනිමින් සිටින්නේ කුමක්ද?
මුදුන් මුලක් නැති වැසිකිළි වලේ වැඩුණු කෙසෙල් ගස් මෙන් කිසිදු දර්ශනයක් නොමැතිව,ප්‍රතිපත්තියක් නොමැතිව අවස්ථාවාදයෙන් පමනක් ජයග්‍රහණය කළ හැකි යැයි සිතීමෙන් මහා විශාලෙට තිබූ ප්රතිරූප මහපොළවට දෙරි ගැහෙමින් තිබෙන්නේ නොසිතූ අයුරිනි. මොවුන්ගේ අවස්ථාවාදී දේශපාලනය සිදුවිය යුතු ආකාරයෙන්ම කෙළවරට පැමිණ තිබේ. තම ජාතිය මාතෲභූමිය පිලිබඳ අබමල් රේණුවකවත් ප්‍රේමයක් නොමැතිව බලය පිලිබඳ පමණක් සිතීමෙන් ඇතිවූ ලෝභයෙන් මඬනා ලද සිතින් මංමුලාවූ අනුවණයන්ගේ අවසාන කාලය එළබ ඇති බව පමණක් කිව හැකිය. කෙසෙල් ගස්වල අරටු නැත. කෙසෙල් ගස්වල මුදුන් මුල් නැත. වැසිකිළි වලේ පොහොර තිබුනද, මුල් ශක්තිමත්ව අල්ලන්නේ නැත.
හෙළ උරුමයට අප මුලදී සහයෝගය දැක්වූයේ ඔවුන් ඇත්තටම රටට ජාතියට ආදරය කරන පිරිසක් යැයි සිතමිනි. නමුත් අප ඔවුන් කවුදැයි දැනගන්නා විට හොඳටම ප්‍රමාද වැඩි වුණි. ඔවුන් ගැන සාක්ෂි නොමැතිව හෙළ උරුමයට එරෙහි වුණානම් අද මෙලෙස චම්පික රතන ලාගේ පාවාදීමේ සාක්ෂි දැක කම්පා වී සිටින ඔබ සැමගෙන් බහුතරයද එදා අපට එරෙහි වෙනු ඇත.
තව එකක් කිව යුතුය. නෝර්වේජියානු ආධාර මත යැපෙන තවත් කණ්ඩායමක් හෙළ උරුමය කළ දේම කරමින් පාර්ලිමේන්තුවට පැනගෙන සිංහල ජාතිකත්වය පාවාදීමට සූදානමින් සිටී. ඔවුන්ටත් අප මුලදී සහයෝගය දුන්නත් ඔවුන්ගේ සැබෑ ස්වරූපය අපට ආරංචි වී තිබේ. නමුත් ඔවුන්ගේ කෙරුවාව ගැන නම් ගම් සහිතව කීමට අපට තවම සාක්ෂි ප්‍රමාණවත් නැත. එනිසා ජතියේ තීරණාත්මක අවස්ථාවක අත්හදා බැලීම් කරන්නට යාමෙන් අවසානයේ ඉතිරි වන්නේ පසුතැවීම පමණක් බව ඔබ හමුවේ ලියා තබමු. නොදන්නා යකාට වඩා දන්නා යකා හොඳය.
ලංකාදීප මූලාශ්‍රය: http://www.lankadeepa.lk/
මව්බිම මූලාශ්‍රය: http://www.mawbima.lk/
දේශපාලන ලෝකයේ සිදුවන දෑ අපට බොහෝදේ උගන්වමින් තිබේ. දේශපාලන ලෝකයේ පතාක යෝධයන් යැයි සිතා සිටි පිරිසක් පතාක මෝඩයින් බව ඔප්පුකරමින් සිටී. මෙසේ සිදු වූයේ ඇයි? වසන ලද වැසිකිළි වලවල් උඩ පැලවුනු කෙසෙල් ගස් මෙන් කෙටි කාලයක් තුල සරුවට වැඩුණු සමහර දේශපාලන චරිත ගේම් ගසා පමනක් උඩට යාමට කටයුතු කළ ආකාරය අප බලා සිටියේ සංවේගයෙනි. ඔවුන් කෙළවර අත්පත්කර ගනිමින් සිටින්නේ කුමක්ද?
මුදුන් මුලක් නැති වැසිකිළි වලේ වැඩුණු කෙසෙල් ගස් මෙන් කිසිදු දර්ශනයක් නොමැතිව,ප්‍රතිපත්තියක් නොමැතිව අවස්ථාවාදයෙන් පමනක් ජයග්‍රහණය කළ හැකි යැයි සිතීමෙන් මහා විශාලෙට තිබූ ප්රතිරූප මහපොළවට දෙරි ගැහෙමින් තිබෙන්නේ නොසිතූ අයුරිනි. මොවුන්ගේ අවස්ථාවාදී දේශපාලනය සිදුවිය යුතු ආකාරයෙන්ම කෙළවරට පැමිණ තිබේ. තම ජාතිය මාතෲභූමිය පිලිබඳ අබමල් රේණුවකවත් ප්‍රේමයක් නොමැතිව බලය පිලිබඳ පමණක් සිතීමෙන් ඇතිවූ ලෝභයෙන් මඬනා ලද සිතින් මංමුලාවූ අනුවණයන්ගේ අවසාන කාලය එළබ ඇති බව පමණක් කිව හැකිය. කෙසෙල් ගස්වල අරටු නැත. කෙසෙල් ගස්වල මුදුන් මුල් නැත. වැසිකිළි වලේ පොහොර තිබුනද, මුල් ශක්තිමත්ව අල්ලන්නේ නැත.
හෙළ උරුමයට අප මුලදී සහයෝගය දැක්වූයේ ඔවුන් ඇත්තටම රටට ජාතියට ආදරය කරන පිරිසක් යැයි සිතමිනි. නමුත් අප ඔවුන් කවුදැයි දැනගන්නා විට හොඳටම ප්‍රමාද වැඩි වුණි. ඔවුන් ගැන සාක්ෂි නොමැතිව හෙළ උරුමයට එරෙහි වුණානම් අද මෙලෙස චම්පික රතන ලාගේ පාවාදීමේ සාක්ෂි දැක කම්පා වී සිටින ඔබ සැමගෙන් බහුතරයද එදා අපට එරෙහි වෙනු ඇත.
තව එකක් කිව යුතුය. නෝර්වේජියානු ආධාර මත යැපෙන තවත් කණ්ඩායමක් හෙළ උරුමය කළ දේම කරමින් පාර්ලිමේන්තුවට පැනගෙන සිංහල ජාතිකත්වය පාවාදීමට සූදානමින් සිටී. ඔවුන්ටත් අප මුලදී සහයෝගය දුන්නත් ඔවුන්ගේ සැබෑ ස්වරූපය අපට ආරංචි වී තිබේ. නමුත් ඔවුන්ගේ කෙරුවාව ගැන නම් ගම් සහිතව කීමට අපට තවම සාක්ෂි ප්‍රමාණවත් නැත. එනිසා ජතියේ තීරණාත්මක අවස්ථාවක අත්හදා බැලීම් කරන්නට යාමෙන් අවසානයේ ඉතිරි වන්නේ පසුතැවීම පමණක් බව ඔබ හමුවේ ලියා තබමු. නොදන්නා යකාට වඩා දන්නා යකා හොඳය.
මුස්ලීම් සංවිධාන හැම විටම උත්සාහ ගන්නේ මුස්ලීම් පල්ලිය කේන්ද්‍ර කරගනිමින් මුස්ලීම් ප්‍රජාව ශක්තිමත් කරන්නයි.
දෙමළ සංවිධාන උත්සාහ කරන්නේ කෝවිල කේන්ද්‍ර කරගනිමින් දෙමළ ප්‍රජාව ශක්තිමත් කරන්නයි.
කිතුනු සංවිධාන උත්සාහ කරන්නේ කතෝලික පල්ලිය කේන්ද්‍ර කරගනිමින් කිතුනු ප්‍රජාව ශක්තිමත් කරන්නයි.
ඒත් අපේ සමහර සිංහල සංවිධාන යන්තම් ජනප්‍රිය වුණ ගමන් උත්සාහ කරන්නේ කොහොම හරි කරල පාර්ලිමේන්තුවට රිංගන්නයි.
පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ඔවුන් කරන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකකට කඩේ යන එක.
සෝම හාමුදුරුවන්ට තිබුණ ජන පදනම මූලික කරගනිමින්, අන්‍යාගමික පනත ගේන්න ඕන කියල හෙළ උරුමය පාර්ලිමේන්තු ආව. අවුරුදු 10 ක් ගිහිල්ලත් සම්මත කරපු අන්‍යාගමික පනතක් නෑ. ඊට පස්සේ ඔවුන් මුල් වෙලා වෙනත් ආණ්ඩුවක් ගෙනාව. නිකමටවත් අන්‍යාගමික පනතක් පාර්ලිමේන්තුවට යෝජනා කළේවත් නෑ. (බෞද්ධයින් අන්‍යාගම් වලට යන එක පාර්ලිමේන්තු නීති පනත් හදල නවත්වන්න බෑ, පන්සල මූලික කරගනිමින් බෞද්ධයින්ට බුදු දහම කියල දිය යුතුයි. බුදු දහමේ වටිනාකම දන්නවානම් බඩගින්නේ මැරුණත් වෙනත් ආගම් වලට යන්නේ නෑ)
හෙළ උරුමයේ වැඩෙන් අන්තිමට වුණේ සිංහල බෞද්ධයින් යනු මේ රටෙන් 5% ක් විතර සුළු කොටසක් කියල ලෝකෙට ගිය එක. ඊටත් වඩා බුද්ධ චීවරයේ ගෞරවය හෑල්ලු වුණ එක. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ සිංහල බෞද්ධ මතවාදය වෙනුවෙන් තමන්ගේ ප්‍රධාන පක්ෂය පෙළ ගස්වන්න.
එජාපයේත් තාම ඉන්නවා සිංහල බෞද්ධ මතයට ගරු කරන රුක්මන් සේනානායක වගේ අය. විජේදාස වගේ එවුන්ව පැත්තකට කරලා එජාපය තුළ සිංහල බෞද්ධ මතවාදය ගොඩ නගන්න. අනික් පැත්තට මහින්ද පාර්ශවය තුළත් සිංහල විරෝධීන් තාම ඉන්නවා. ඔවුන්වත් පැත්තකට කරලා සිංහල බෞද්ධ මතය ඒ පාර්ශවය තුළත් ශක්තිමත් කරන්න.
එහෙම නැතිව බෙදෙන එකෙන් වෙන්නේ තව තවත් සිංහලයින් කොන් වෙන එකයි. සිංහල බෞද්ධයින් යනු මහමැතිවරණයෙන් ආසනයක් දිනාගන්නවත් බැරි උදවිය කියල ලෝකයට පේන එකයි. කවුරු අමනාප වුණත් ඔන්න ඔය මහ පොළොවේ පේන යතාර්ථය ඕකයි.
රිෂාඩ් බදියුදීන් නම ඇසූ සැනින් ඔබට මතක් වෙන්නේ ඔහු විල්පත්තු වනයේ සිදුකරන මහා පරිමාන වන සංහාරයයි. එය නවත්වන බව ආණ්ඩුවෙන් පැවසුවත් මේ මොහොත දක්වා ඒ වන සංහාරය දිගටම සිදුවෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට දින කිහිපයකට පෙර රිෂාඩ් බදියුදීන්ට අරලියගහ මන්දිරයේ උත්සවයකට ආරාධනා කළා.
ඒ අතර වන්නි දිස්ත්‍රික්කයේ එජාප අපේක්ෂක කමත් දී තිබෙනවා. වන්නියේ එජාප ලයිස්තුවට ඇතුළත් කළ හැක්කේ පුද්ගලයන් 9 දෙනෙක් වුවත්, ඉන් 5 දෙනෙක්ම මුස්ලීම් අය. සිංහලයන් 2 ක් සහ දෙමළ 2 ක් ලෙසයි ඉතිරි වන්නේ. පේනවනෙ රිශාඩ් බදියුදීන් වන්නියේ පාලනය අතට අරන් තියෙන හැටි.http://www.divaina.com/
ඔබ කොතරම් වන විනාශයට එරෙහිව හඬ නැගුවත් අපේ රටේ පාලකයින්ට විල්පත්තුව ගැන වගක්වත් නෑ. ඔවුන්ට අවශ්‍ය ඡන්ද පමණයි. ඉතින් ඔවුන්ට තේරෙන බාසාවෙන් ඉගැන්වීමට කාලයයි මේ.
ඉස්ලාම් ආගමිකයන්ගේ රාමසාන් උපවාසය අත් හැරීමේ ඉෆ්තාර් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ විධායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණ. රාජ්‍ය නායකයින් සියලුම ජාතීන්ට අයත් උත්සව වලට සහභාගී වීම වරදක් ලෙස අපි නොදකිමු.
නමුත් පොහෝදා අරලිය ගහ මන්දිරයේ පැවැත්වෙන ධර්ම දේශනාමය පින්කම ඉන් ඉවත් කළේ මන්දැයි අසන්නෙමු.
අරලියගහ මන්දිරයේ ප්‍රකාශකයෙක් පවසා සිටියේ ජාතික සංහැඳියාවට බාධා වෙන බැවින් පොහෝදා ධර්ම දේශනාව නවත්වා දැමූ බවයි.
උතුරේ කොටි නිළ ඇඳුම් සමගම කොටි සාමාජිකයින්ව හසු වෙයි. මෙය රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලේ පුවත්පත වන ලංකාදීපයෙන්ම පළ වීම නිසා "කොටි එනවා කියල බොරුවට කෑ ගහනවා" කියල කාටවත් කියන්න බෑ.
පසුගිය කාලයේ දෙමළ ඩයස්පෝරා තහනම ඉවත් කිරීමත් සමග විදේශගත වූ කොටි සාමාජිකයින් නැවතත් රට තුළට ඇතුල් විය. ඔවුන් මේ සැරසෙන්නේ කුමකටද?
.
කොටි බුද්ධි අංශය කියන්නේ හරියට ශ්‍රී ලංකා හමුදාවේ දිගු දුර විහිදුම් බලකායේ වැනිම විරුද්ධවාදීන් ඇතුළට ගිහින් පහර දෙන කොටසක්. වෙනස තමයි දිගු දුර විහිදුම් බලකාය හමුදා නීතිය අනුගමනය කළා.
ඒත් කොටි බුද්ධි අංශය ම්ලේච්ඡ විදිහටයි සටන් කළේ. කොටි බුද්ධි අංශයෙන් තමයි කොළඹ පිපිරීම් සිදුකළේ. දහස් ගණන් දරු දැරියන් ඒ බෝම්බ වලින් මිය ගියා. මව් කිරි බොමින් සිටි අත දරුවන් කෑලි කෑලි වලට කැඩී ගියා.
අන්නේ ඒ ම්ලේච්ඡ ත්‍රස්තවාදී සැකකරුවන්ට ඇප දී නිදහස් කරනවා.
ඒ අතරේ යුධ හමුදා දිගු දුර විහිදුම් බලකායේ රණවිරුවන්ව, හිටපු කොටි සාමාජිකයින්ගේම සාක්ෂි අනුව පෝරකයට යවනවා.
මෙතෙන ලොකු අසාධාරණයක් පේනවා නේද? අන්න ඒ අසාධාරණයට දේශපාලන බේධයකින් තොරව එරෙහි වෙමු. ඔබත් Share කර විරෝධය පළකරන්න.
හමුදාවේ තවත් 42 ඇතුළු සේනාධිනායකත්වය පෝරකයට ගෙන යාමට සූදානම් වෙයි. පත්තරේක දෙකක පළ වුවද බොහෝ ජන මාධ්‍ය නිහඬයි! විලෝපිකයෙක් ගොදුරක් කරා පනිද්දී ඇතිවන නිහඬතාවයයි මේ.
1996 ජුනි 24 වැනිදා දෙහිවල මගී ප්‍රවාහන දුම්රියක් තුළ බෝම්බ පිපිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිචෝදනා දෙකකට වරද පිළිගත් එල්. ටී. ටී. ඊ. සාමාජිකයින් තිදෙනකුට දඬුවම් ලැබුණේ මෙලෙසයි. නීතිපතිවරයා විසින් ගොනු කළ අධි චෝදනා දෙකකට වරද පිළිගැනීම මත එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයන් වූ ඇන්තනි පිල්ලේ රොබට් ට්රැක්සිලන් නොහොත් බාලසිංහම් නොහොත් තේවන් සහ සවරිමුත්තු ලෝගනාදන් නොහොත් ආනන්දන් නමැති චූදිතයන්ට එක් චෝදනාවකට වසර 10 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් ද චිත්රසේනන් තුරුමාල් නොහොත් රමණී නමැති චූදිතයාට වසර 05 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම්.http://www.divaina.com/2013/06/05/news02.html
සිදුවීම
දෙමළ කොටි ත්රස්තවාදීන් විසින් එදින, අංක 764 දරණ කාර්යාල මගී දුම්රියෙහි, ඉහල රාක්කයේ ස්ථාන හතරක ගමන්මළු තුල ඇටවූ බෝම්බ 4 ක් තබා, පුපුරුවා හැරීම සිදු කරන ලදී. එකිනෙකට සමගාමීව බෝම්බ හතරම පුපුරා යාම නිසා, ප්‍රහාරයෙන් සිදුවූ හානි ප්‍රමාණය වැඩිවී තිබුණි. කොටි ත්‍රස්ථවාදීන් විසින්, බෝම්බ කීපයක් එක ආසන්නයේ පිහිටුවා ප්‍රහාරයක් දියත් කල මුල්ම අවස්ථාව ලෙසද මෙය සැලකේ. මෙම බෝම්බ ප්‍රහාරය නිසා සිවිල් වැසියන් 64 දෙනෙකු මිය ගොස් තවත් 400 අධික පිරිසක් තුවාල ලැබූහ.
https://en.wikipedia.org/wiki/1996_Dehiwala_train_bombing
දෙමළ කොටි ත්රස්තවාදීන් විසින් එදින, අංක 764 දරණ කාර්යාල මගී දුම්රියෙහි, ඉහල රාක්කයේ ස්ථාන හතරක ගමන්මළු තුල ඇටවූ බෝම්බ 4 ක් තබා, පුපුරුවා හැරීම සිදු කරන ලදී. එකිනෙකට සමගාමීව බෝම්බ හතරම පුපුරා යාම නිසා, ප්‍රහාරයෙන් සිදුවූ හානි ප්‍රමාණය වැඩිවී තිබුණි. කොටි ත්‍රස්ථවාදීන් විසින්, බෝම්බ කීපයක් එක ආසන්නයේ පිහිටුවා ප්‍රහාරයක් දියත් කල මුල්ම අවස්ථාව ලෙසද මෙය සැලකේ. මෙම බෝම්බ ප්‍රහාරය නිසා සිවිල් වැසියන් 64 දෙනෙකු මිය ගොස් තවත් 400 අධික පිරිසක් තුවාල ලැබූහ.
https://en.wikipedia.org/wiki/1996_Dehiwala_train_bombing
දැන් ඔබට පැහැදිළියි නේද? කොටි වරද පිළි අරන් තිබියදී (ඒ කියන්නේ කිසිදු සැකයක් තොරව චෝදනාව ඔප්පු වෙලා) , දෙහිවල කෝච්චියට බෝම්බ දාලා අහිංසක සාමාන්‍ය මිනිස්සු 64 ක් මරලත් දඬුවම හිරේට අවුරුදු 10 යි .
හැබයි අපේ දිගු දුර විහිදුම් බලකායේ රණවිරුවෙක් යුධ කාලයේදී යුධ ගැටුම් පවතින ප්‍රදේශයකදී සිවිල් ඇඳුමෙන් හිටපු 8 දෙනෙක් මැරුවයි කියල මරණ දඬුවම. ඊට සාක්ෂි දීලත් තියෙන්නේ හිටපු කොටි සාමාජිකයෙක්. ඊටත් වඩා බරපතල කාරණාව තමයි මෙම රණවිරුවා තමන් අතින් වරදක් වුණ බව පිළිඅරන් නෑ.https://www.facebook.com/SinhalaBuddhist/photos/pb.151742781933.-2207520000.1435583447./10153474478076934/?type=1
එතකොට රණවිරුවගෙ සාක්ෂිය ප්‍රතික්ෂේප කරලා කොටි සාමාජිකයගෙ සාක්ෂිය පිළි අරන්.
තවත් 42 කට එරෙහිව නඩු වැටෙනවා.https://www.facebook.com/SinhalaBuddhist/photos/pb.151742781933.-2207520000.1435583447./10153481115646934/?type=1
අපි මෙහෙම බලන් හිටියොත් රණවිරුවන් දෙතුන් සීයකට එරෙහිව ළමයි මැරුවා වගේ බොරු සාක්ෂි සමාජ ගත කරලා ඔවුන්ව පෝරකයට යවාවි.
සමස්ත සඟරුවනට අපහාස වන අයුරින් සාකච්ඡාව පවත්වා මුස්ලිම් අන්තවාදීන්ට සහ දේශපාලකයන්ට කඩේ යන අයුරින් කූඨ ලෙස මව්බිම පුවත්පතේ මෙය පල කරන ලදි. වත්මන් සිංහල බෞද්ධ පුනරුදය හෑල්ලු කරන මෙවන් කුමන්ත්‍රණ වලට හසු නොවී දේශපාලන හොරිකඩයන්ගෙන් සම්බුද්ධ ශාසනය රැකගනිමු.
ඉතිහාසේ ප්‍රථම වතාවට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් අතර තුර ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් අතර ගැටුමක් ඇති වුණා.
ඇයි මේ ගැටුම ඇතිවුණේ...? කොළඹ දිස්ත්‍රික්කේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක මොහොමඩ් මරික්කාර්ගේ ආධාරකරුවන් පිරිසක් එක්සත් ජාතික පක්ෂේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුජීව සේනසිංහගේ ආධාර කරුවන් පිරිසකට උඩ දමාගෙන ගැහුවා. ආණ්ඩුවේම බලවතුන් අතර ගැටුමක් නිසා හදිසි මාරුවීම් ලබාගැනීමට අකමැතිව ඊට මැදිහත් නොවී පොලිසිය බිරාන්තව බලන් සිටියා.
සමහරු මේක සිංහල මුස්ලිම ගැටුමක් විදියට අර්ථකතනය කරාවි... එමගින් ඔවුන් වගකීමෙන් නිදහස් වේවි. ඒත් එකම පක්ෂේ අපේක්ෂකයෝ දෙන්නෙක්ගේ මනාපයක් වෙනුවෙන් ගහ මරාගත්ත මේ අමනයන් නිසා රටට සිදුවුණු අපකීර්තිය මකන්නේ කවුද.?
රට ගැන හිතන කොළඹ මිනිසුන් මේ අපතයෝ දෙන්නටම ඡන්දේ දෙන්නේ නෑ...
සිංහලයො ලවාම පෝස්ට් පල කරවගෙන එම ගැටුම සිංහලයින් විසින් සිදුකළ එකක් බවට ලෝකයා ඉදිරියේ ඔප්පු කිරීමේ සූදානමක් පවතී. එනිසා මෙය හැකි තරම් බෙදාහරිමින් දැනුවත් කරන්න.
ඇයි මේ ගැටුම ඇතිවුණේ...? කොළඹ දිස්ත්‍රික්කේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක මොහොමඩ් මරික්කාර්ගේ ආධාරකරුවන් පිරිසක් එක්සත් ජාතික පක්ෂේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුජීව සේනසිංහගේ ආධාර කරුවන් පිරිසකට උඩ දමාගෙන ගැහුවා. ආණ්ඩුවේම බලවතුන් අතර ගැටුමක් නිසා හදිසි මාරුවීම් ලබාගැනීමට අකමැතිව ඊට මැදිහත් නොවී පොලිසිය බිරාන්තව බලන් සිටියා.
සමහරු මේක සිංහල මුස්ලිම ගැටුමක් විදියට අර්ථකතනය කරාවි... එමගින් ඔවුන් වගකීමෙන් නිදහස් වේවි. ඒත් එකම පක්ෂේ අපේක්ෂකයෝ දෙන්නෙක්ගේ මනාපයක් වෙනුවෙන් ගහ මරාගත්ත මේ අමනයන් නිසා රටට සිදුවුණු අපකීර්තිය මකන්නේ කවුද.?
රට ගැන හිතන කොළඹ මිනිසුන් මේ අපතයෝ දෙන්නටම ඡන්දේ දෙන්නේ නෑ...
සිංහලයො ලවාම පෝස්ට් පල කරවගෙන එම ගැටුම සිංහලයින් විසින් සිදුකළ එකක් බවට ලෝකයා ඉදිරියේ ඔප්පු කිරීමේ සූදානමක් පවතී. එනිසා මෙය හැකි තරම් බෙදාහරිමින් දැනුවත් කරන්න.
මංගල සමරවීර බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගේ ශීර්ෂයෙන් මිරිකා එසවූ හැටි...
මොහුගේ හැටි හැමෝටම බලාගන්න Share කරන්න.
මොහුගේ හැටි හැමෝටම බලාගන්න Share කරන්න.